Saturday, January 03, 2026
Follow Us
Political

අයවැය සංශෝධන පනත හෙට පාර්ලිමේන්තුවට

Political

සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනය පිළිගැනීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

Political

හිටපු ජනපති බලපත්‍රය දීර්ඝ කරවාගැනීමට අයැදුම් කරයි

Political

දෙමළ සිරකරුවන් අවුරුදු විස්සක් තිස්සේ නඩු නැතිව හිරේ
මෙරට දේශපාලනයේ මේ දිනවල උණුසුම් මාතෘකාව සර්ව පාක්ෂික ආණ්ඩුවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට සර්වපාක්ෂික ආණ්ඩුවට ආරාධනා කළද, ඒ සඳහා පොදු එකඟතාවක් තවමත් ඇතිවී නැත. ඒ වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිචාරය කුමක්ද? මේ ඒ පිළිබඳව එම පක්ෂයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසපුත්‍රම් රාසමානික්කම් දැක්වූ අදහස්ය.

දෙමළ ජාතික සංධානය (ටී.එන්.ඒ.) ඩලස් අලහප්පෙරුමට සහයෝගය දෙන්න හිතුවේ ඇයි?
රටේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය සහ ඒ තුළින් නිර්මාණය වූ දේශපාලන අර්බුදයට එකම විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාගෙන, මේ ඇතිවෙලා තියෙන ගැටලුවලින් ගොඩ ඒමට වැඩපිළිවෙළක් සකස් කිරීම පමණයි. එවැනි වැඩපිළිවෙළක් සකස් කරන්න නම් අපිට මේ වෙලාවේ අමාරු තීන්දු තීරණ පවා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ තීරණ ගද්දී ආණ්ඩු පක්ෂය, විපක්ෂය කියලා බෙදෙන්නේ නැතුව සියලු දෙනාම එකතු වුණොත්, ඒ තීන්දු තීරණ පිළිබඳව රටේ ජනතාවට පැහැදිලි කරවීමට පවා පහසුයි. පුද්ගල අභිමතාර්ථ මත, අත්තනෝමතික තීරණ ගනිමින්, වාද විවාද කරමින් මේ ගැටලුවලට විසඳුම් ලබා ගන්න බැහැ. ඩලස් අලහප්පෙරුම මැතිතුමා හතළිහක් පමණ වන පොහොට්ටුවේ කණ්ඩායමක් සමග ඉදිරිපත් වෙද්දී, ඔහුට සජබේ සහයත් ලැබෙද්දී, ස්වාධීන වූ කණ්ඩායමේ සහයත් හිමිවද්දී, සර්වපාක්ෂිත ආණ්ඩුවක අවශ්‍යතාව වන වැඩිම පක්ෂ ගණනක් ඒකරාශී කරගැනීමේ හැකියාව ඇති පුද්ගලයා ඔහුය කියන විශ්වාසයෙන් තමයි අපි ඩලස් අලහප්පෙරුම මැතිතුමාට සහයෝගය දක්වන්න තීරණය කළේ.

රනිල් වික්‍රමසිංහට සැබෑ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න බෑ කියන මතයේ ඔබ තවමත් සිටිනවාද?
අද තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක්. වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඒකට බිලී බාගෙන තියෙනවා. නමුත් එවැනි දේ සිදු නොවිය යුතුයි. වත්මන් ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා. නමුත් පොහොට්ටුවේ බහුතරයක් තියාගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කතා කරන එක ඒ තරම් සාර්ථක නැහැ. දැන් හදන්න උත්සාහ කරන සර්ව පාක්ෂික ආණ්ඩුව සැබෑම සර්වපාක්ෂික ආණ්ඩුවක් ද කියන ගැටලුව අපිට තියෙනවා.

නමුත් ජනාධිපතිවරයා කියූ පරිදි මේ ගැටලුවෙන් ගොඩ ඒම සඳහා හදන වැඩපිළිවෙළට අපිත් සහයෝගය දෙනවා. ඊට පස්සේ කරන්නේ මොකක්ද කියලා ඊළඟට තීරණය කරනවා.

පසුගියදා ඔබ ඇතුළු ටී.එන්.ඒ. පිරිස ජනපති මුණගැසුණු අවස්ථාවේ, ඔබ අතරින් කිහිපදෙනෙකුත් ජනපති වීමට තමන්ට සහය දුන්නාය කියලා ඔහු කියපු කතාව විහිළුවට කියපු දෙයක් නෙමෙයි නේද?
ජනාධිපතිවරයා ඒ කතාව දෙවතාවක්ම කිව්වා. ඒක එතුමාට වැරදිලා කියවුණ දෙයක් නෙමේ. හිතාමතාම තමයි එතුමා එවැනි ප්‍රකාශයක් කළේ.

ඒ කියන්නේ පක්ෂය තුළ බෙදීමක් ඇති කරන්න ජනාධිපතිවරයා උත්සාහ කළා කියන එක ද?
පක්ෂය තුළ බෙදීමක් ඇති කරන්න එතුමා ඒ වගේ ප්‍රකාශයක් කළා කියලා මම කියන්නේ නැහැ. ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කරන්න හේතුව ඇත්තටම මට තවමත් පැහැදිලි නැහැ. නමුත් පක්ෂ තුළ බෙදීමක් ඇති කරන්න නම් මීට වඩා දේවල් කරන්න ඔහුට හැකියාව තියනවා. රහස් ඡන්දයක් පැවැත්වෙන අවස්ථාවක එවැනි ප්‍රකාශයක් කරන්න තොරතුරු ලැබුණේ කොහොමද කියන එකත් ගැටලුවක්. ඒ ප්‍රකාශය පිළිබඳ අපි බාහිරින් එතරම් තැකීමක් කරන්නේ නැති වුණත් පක්ෂය අභ්‍යන්තරයේ අපි මේ ගැන දැඩිව සොයා බලනවා.

ජනපති තෝරාගැනීම වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කරද්දී ටී.එන්.ඒ. එකට ඉන්දියාවෙන් බලපෑමක් තිබුණද?
ඉන්දියාවෙන් අපිට කිසිම බලපෑමක් වුණේ නෑ. අප නිතරම රාජතාන්ත්‍රික සබඳතා පවත්වනවා. විවිධ රටවල පුද්ගලයින් මුණගැහෙනවා. ඒ කිසිම රටක්, පුද්ගලයෙක් කිසිම දවසක දේශපාලනික වශයෙන් තීන්දු තීරණ ගන්න අපිට බලපෑම් කරලා නැහැ. නමුත් සමහර වෙලාවට ඔවුන්ගේ කතාබහෙන් ඔවුන් වක්‍රව හඟවන දේවල් තිබෙනවා. ඒ වුණත් මේ වෙලාවෙ එහෙම මොකුත්ම වුණේ නැහැ.

ජනාධිපතිවරයා මුණ ගැසුණු වෙලාවේ ඔබ ඇතුළු පිරිස කළ ඉල්ලීම්වල සාධාරණ පදනමක් තිබෙනවාද නැතිනම් එය අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට තැත්කිරීමක්ද?
ජනාධිපතිවරයාට අපි කළ ඉල්ලීම් අතර අපි අවුරුදු 74ක් තිස්සේම කරන ඉල්ලීම් පවා තියෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගත හැකි තත්ත්වයට ගේන්න කියලා ඒ පනත ගෙනා මුල් කාලයේ ඉඳලම අපි කියනවා. දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා අපි 2009 වර්ෂයේ සිටම ඉල්ලීම් කරනවා. අතුරුදහන් වූ පුද්ගලයින් සොයා දෙන්න කියලත් අපි සෑහෙන කාලයක් තිස්සේ කියනවා. එවැනි සාධාරණ ඉල්ලීම් තමයි අපි ඉදිරිපත් කළේ. එවැනි ගැටලුවලට ජනතා නියෝජිතයින් හැටියට අපි විසඳුම් ලබා දෙයි කියලා අපිට ඡන්දය දුන් ජනතාව බලාපොරොත්තු වෙනවා.

ඒ කියන්නේ ඔබලා කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් එපා කියලා නෙමෙයි?
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් එපා කියලා අපි කිසිම අවස්ථාවක කියලා නැහැ. රටකට ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පනතක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. හැම රටකටම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා සකස් කළ පනත් තියෙනවා. අපේ රටේ දැන් තියෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එපා කියලා තමයි අපි කියන්නේ. මේ පනත නිසා අසාධාරණයට ලක් වූ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තටම කියනවා නම් මේ තියෙන පනත හරහා කරන්නේ ත්‍රස්තවාදය වළක්වනවාට වඩා මිනිස්සු මර්දනයට ලක් කිරීම. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි පනතක් හදන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා සකස් කරන පනත ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පමණක් විය යුතු අතර දේශපාලන බලපෑම් කිරීමට, ජනතාව මර්දනයට, එක් ජන කොටසකට පමණක් වරප්‍රසාද ලබාදීමට හෝ දඬුවම් ලබා දීමට හෝ භාවිත නොකළ යුතුයි.

උදාහරණයක් විදියට ගත්තොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක කටයුතු ලෙස අත්අඩංගුවට ගත් තුන් සියයක් පමණ පිරිසක් අදටත් හිරගත වෙලා ඉන්නවා. සහරාන් කොළඹට එන්න බස් ටිකට් එක වෙන් කරවාගත්ත අලෙවිසැලේ සේවකයා අවුරුදු තුනක් තිස්සේ අදටත් ඉන්නේ හිර භාරයේ. ඒ සේවකයා කළේ තමන්ගේ රැකියාව. සහරාන් මෙවැනි විනාශයක් කරනවා කියලා ඔහු දැනගෙන ඉන්නත් නැතිව ඇති. සමහර විට ඔහු සහරාන්ට සහයෝගය ලබාදුන්නා නම් සාක්ෂි සහිතව සනාථ කරගෙන ඔහුට දඬුවම් ලබා දිය යුතුයි. එහෙම නැතිව නිකරුණේ හිරගත කරලා තිබ්බාට ප්‍රයෝජනයක් නැහැ.

මේ විදිහටම සමහර දෙමළ සිරකරුවන් අවුරුදු විස්සක් තිස්සේ නඩු නැතිව හිරේ ඉන්නවා.

අද දෙමළ මුස්ලිම් ජනතාව පමණක් නෙමෙයි මේ පනත නිසා සිංහල ජනතාවත් අසාධාරණයට ලක් වෙලා. ගෝල්ෆේස් පිට්ටනියේ අරගලකරුවන් පවා අත්අඩංගුවට ගත්තේ මේ පනත යටතේ. මේ පනතේ බලපෑම තියෙන්නේ එක ජන කොටසකට පමණක් නෙමෙයි. ජාති ආගම් පාට පක්ෂ භේදයකින් තොරව මේ පනත සියලුදෙනාට බලපෑම් කරනවා.

Political

ප්‍රජාතන්ත්‍රවාදය, සදාචාරය අමතක කර අශිෂ්ට ආකාරයට තීන්දු තීරණ ගත්තානම් අද වන විට තමාට ජනාධිපති වුව විය හැකි බවත් එහෙත් සදාචාර විරෝධිව ජනාධිපති නොවී ජනතාවගේ කැමැත්තෙන් තොරව කිසිඳු තනතුරක් ලබා නොගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

කැරැල්ලක් නිර්මාණය වූ විට එය මැඬපැවැත්විය හැක්කේ මර්දනයකින් පමණක් බවත් ඒ සඳහා වෙනත් ක්‍රමවේදයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Political

රනිල් වික්‍රමසිංහ, රනිල් රාජජපක්ෂ වුණාට පසු ඔහුගේ සර්වපාක්ෂික කතා අවසන් වී තිබෙන අතර දැන් පවතින්නේ අන්තර්කාලීන පාලනයකින් පසුව මැතිවරණයක් පැවැත්වීමට සූදානම් ආණ්ඩුවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් අගෝස්තු 09 වනදා පැවැත්වීමට යන විරෝධතාවට සමගි ජන බලවේගයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා අවධාරණය කරයි.

Political

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමේ ක්‍රියාවලියට යම් බාධාවක් එල්ල වන බවක් පෙන්නුම් කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Political

මහින්දානන්දලා,රෝහිතලා,ජොන්ස්ටන්ලා සිටින ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයට එක්වීමට පොහොට්ටුවට විරුද්ධ සිටි කිසිවෙකුට හෝ හෘද සාක්ෂියට එකඟව සිදුකළ නොහැකි අතර වරින් වර හදිසි නීතිය බලාත්මක කරමින් මර්දනයට සහය දිය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පෙන්වාදුන්නේය.

Political

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අතර සටනක් උද්ගතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Political

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වැනි සේනාංකය ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සුබවාදී ප්‍රතිචාර හිමිව ඇති බව වාර්තා වේ.

Political

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡාවක්

Political

කිසිඳු වරදාන වරප්‍රසාදයක් අපේක්ෂාවෙන් තොරව මෙම අසීරු අවස්ථාවේදී රජයට සහය දක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. එමෙන්ම රට තුළ පවතින ගැටළු විසඳීමට හැකි පුද්ගලයෙකු වේ නම් එම පුද්ගලයාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුබට නොවන බවයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

Political

මන්ත්‍රිවරයෙක්ට මාසෙකට ලැබෙන තෙල් ප්‍රමාණය

Political

මේ වනවිට දැඩිලෙස කඩාවැටී ඇති ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉල්ලීම් රැසක් ලැබී තිබේ. මෙම ඉල්ලීම සිදුකර ඇති බහුතරයක් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් බවයි වාර්තා වන්නේ.

Political

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද කැඳවා තිබෙනවා. ඒ, මැතිවරණ නීති ප්‍රතිශෝධනය පිළිබඳ තේරීම් කාරක සභා වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

Political

අරගලකරුවන් ඉතා නිර්මාණශීලි අය බව ජනපති කියයි