අධිකරණයට අපහස කිරීමේ චෝදනාවලට මුහුණදීම සඳහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටී.
Says Govt. attempting to hatch plan within next two weeks to delay polls
Challenges Govt. to hold polls if not afraid to face people’s mandate
Claims SJB will bring scores to the streets against Govt. if elections are delayed
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස 26 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය.
උතුරු නැගෙනහිර අර්බුදය විසඳීම යන තේමාව පාදක කරගෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ සන්ධානය අතර සාකච්ඡාවක් අද (11) පැවැත්වීමට නියමිතව ඇතැයි සතිඅන්ත පුවත් පතක් වාර්තා කර තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති පුටුවේ පහස ලබාදීමට රහසිගත වැඩපිළිවෙලක් සංවිධානයවන බවත්, ඒ සඳහා පසුගියදා පැවති මන්ත්‍රී සාදයක් පිළිබඳවත් ‘නෙත් නිවුස්’ කණින් කොනින් ඇසුණු කතා වැඩසටහනේදී හෙළිදරව් කර තිබේ.
රටේ වත්මන් තත්ත්වය, දේශපාලන වතාවරණය ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.
පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ක්‍රියාකාරීන් ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගල භූමියට කඩාවැදී රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටි අරගලකරුවන්ට පහරදීමට එරෙහිව ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09 දා) අවසර ලබා දුන්නේය. එයින් තුවාල ලැබූ ළහිරු චානක ඇතුළු අරගලකරුවන් පිරිසක් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන වසරේ ජුනි 22 වැනිදා විභාගයට ගැනීමට ද විජිත් කේ. මලල්ගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල දින නියම කළහ.
සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට උපදෙස් ලබා දී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.
සමගි ජන බලවේගයේ 2022 වාර්ෂික සම්මේලනය ඊයේ (11) බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි.
පලාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉහළ තරුණ නියෝජනයක් පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
මෙරට ආර්ථික විනාශයට වගකිව යුතු නිලධාරීන් සහ දේශපාලනඥයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සිය කැමැත්ත ප්‍රකාශ කළේය.
මැතිවරණයක් පවත්වන්නේ නම් තම පක්ෂය ඊට සූදානමින් සිටින නමුත් දැන්ම මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජපන් රජයේ ණය ආධාර යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම හරහා මෙරටට අහිමි වූ මුදල, එය අත්හිටුවීමට අනුබල දුන් නිලධාරින්ගෙන් අයකර ගත යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන දහයක් (කෝටි දාහක්) වැය වන බවට ගණන් බලා ඇති අතර, ඊට අදාළ ඇස්තමේන්තු මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට යවා ඇත.
Page 84 of 553