Friday, March 20, 2026
Follow Us
අද විශේෂ පක්ෂ රැස්වීමක්

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (18)පස්වරුවේ පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට අද පස්වරු 02.30ට මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු කථානායකවරයා පැවසීය.

මෙම රැස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම අවලංගු වන බවයි කථානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේ.

මේ සඳහා විපක්ෂය කාරක සභාව රැස්වීම අවලංගු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ ද මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.