Friday, July 04, 2025
Follow Us
ගෝඨා – මහින්ද-මෛත්‍රී හදිසි සාකච්ඡාවක්

ඉදිරි මහා මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා ගතයුතු කියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ සාකච්ඡා පවත්වා ඇත.

ජනාධිපතිවරයා සමඟ ජනාධිපති කාර්යාලයේ දී ද අගමැතිවරයා සමඟ අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡා පවත්වා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග අරලියගහ මන්දිරයේදී සාකච්ඡා පවත්වා ඇත්තේ ජනවාරි 8 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට පෙර ප්‍රසිද්ධ ආප්ප කෑමෙන් පසු වසර පහකට පසු ය.

(Lanka Leads)