Friday, July 04, 2025
Follow Us
ෆවුසි ඉවත් කර මෛත්‍රී පාර්ලිමේන්තු එන්න යන කතාව පට්ටපල් බොරුවක් - තිලංග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඒ.එච්. එම්. ෆවුසි මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කර ඒ පුරප්පාඩුව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පත්වීමට උත්සාහ දරන්නේය යනුවෙන් එල්ල වන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

"ඇත්තටම පට්ටපල් බොරුවක්. හිටපු ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු එන්න ඕනෙ නම් අපේ ඕනෙ කෙනෙක්ට ඉල්ලා අස්වෙලා ජාතික ලැයිස්තුවෙන් එතුමාට එන්න පුළුවන්. නමුත් එතුමා තීන්දු කළා මේ මාස කිහිපය එතුමා තමන්ගේ පෞද්ගලික කටයුතුවලට, පවුලේ අයට වෙලාව යෙදෙව්වෙත් නෑ, ඒනිසා පොඩ්ඩක් ඉඳලා මහමැතිවරණය එනකොට කල්පනා කරනවා කියලා මොකද්ද කරන්නෙ කියන එක. " යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එසේම හිටපු ජනාධිපතිවරයා ඊළඟ මහමැතිවරණය සඳහා ඉදිරිපත් වීම ස්ථිරදැයි විමසූ අවස්ථාවේදී තිලංග සුමතිපාල මහතා පිළිතුරු දුන්නේ "එතුමා ඒ තීන්දුව ගන්නවා. මොකද විශාල වැඩකොටසක් කරලා තියෙනවා පොලොන්නරුවට. ඒ ඡන්ද දායකයින් එතුමාව ඉල්ලනවා නම් ඒක කල්පනා කරලා බලන්න ඕනෙ එතුමා සම්බන්ධ කරගැනීමෙන් සන්ධානයට තියන වාසිය. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණය පැරදිලා ගෙදර ගිය වෙලාවෙ මිනිස්සු ඔක්කොම ගෙදර ගිහින් කිව්වා ඉල්ලනය කියලා. එතුමා කුරුණෑගලින් ඇවිල්ලා පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී කෙනෙක් හැටියට හිටියා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැරදිලා නෑනෙ ?" යනුවෙනි.

තිලංග සුමතිපාල අමාත්‍යවරයා මේ බව පැවසුවේ නෙත් එෆ්. එම්. නාලිකාවේ වැඩසටහනකට එක් වෙමිනි.

(LNW)