මෙතෙක් උතුරු – නැගෙනහිර පළාත්වලට අයත් දිස්ත්‍රික්කවලින් පමණක් මහ මැතිවරණවලට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානය ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී දකුණේ දිස්ත්‍රික්ක කිහිපයකට නාම යෝජනා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර යාපනයේ පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත.
මේ අනුව එම සන්ධානය කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, රත්නපුර, බදුල්ල, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට නාම යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. එහෙත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් පවසයි. දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පසුගිය සිකුරාදා (20) වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.
පක්ෂ නායකයා යළි දිවයිනට පැමිණීමෙන් පසු මේ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් කියා සිටියේය.
(Lanka Leads)