හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඇප අයදුම්පත මීට සුළු මොහොතකට පෙර ප්‍රතික්ෂේප විය.
ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ සුදු වෑන් සම්බන්ධයෙන් සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරගෙන යන පරීක්ෂණයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින හෙයින් එම අත්අඩංගුවට ගැනීම වළක්වමින් අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා විසින් ඇප අයදුම්පතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (19) යොමු කරන ලදී.
එය සලකා බැලීම අද සිදු විය.
(LNW)