හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ කටයුතු සිදුව ඇත්තේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව බව හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි පවසනවා.
ඔහු කියා සිටියේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමට පෙර වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරුණු නීතිමය කටයුතු සඳහා රජය කිසිඳු ආකාරයකින් අතපෙවීමක් සිදුකර නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
(Neth)