Thursday, February 19, 2026
Follow Us
තවත් දිවුරුම්දීමක් අද

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් අද (18) දිවුරුම් දෙනවා.

මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට හිමි වූ මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 17 ක්. ඔවුන් සියළු දෙනා මහජන ඡන්දයෙන් තේරී පත් වූ අයයි. ඒ අනුව ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, උප සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍රවරුන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති.

මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට සභික ධුර 7 ක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභික ධුර 3 ක් ද ජනතා විමුක්ති පෙරමුණට සභික ධුර 2 ක් ද හිමි වුණා.

(Neth)