Friday, July 04, 2025
Follow Us
පක්ෂ නායකත්වය නැතිව මහ මැතිවරණයට තරඟ කරන්නේ නැහැ - සජිත්

ඉදිරි මහ මැතිවරණයේදී තමන් අගමැතිධූරයට තරඟ කරනවා නම් අනිවාර්යයෙන් පක්ෂ නායකත්වය හිමි විය යුතු බව එජාප නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

පක්ෂ නායකත්වය නොමැතිව තමන් මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවන බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අවස්ථාවේදීද පක්ෂ නායකත්වයත් සමඟ ඊට ඉදිරිපත්වීමට සිටියද පාක්ෂිකයන් ඇතුළු ජනතාවගේ ඉල්ලීම මත පක්ෂයේ නායකත්වය නොමැතිව තමන් ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ බවයි ඔහු කියා සිටියේ.

එහෙත් මහ මැතිවරණයේදී තමන්ගේ තීරණයේ වෙනසක් නොවන බවයි හෙතෙම පවසන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ මේ වන විටත් කෝට්ටේ සෝලිස් හි පැවැත්වෙන පාක්ෂික හමුව අමතමිනි.

(LNW)