ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර බෞද්ධ ජනතාවගේ සිත දිනා ගත යුතු බවත් පන්සල් වලට පල්ලිවලට යෑමට දැන් සිට එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකාරීන් කටයුතු කළ යුතු බවත් එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ් මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව පන්සල් වලට පල්ලිවලට යාමට දැන් සිටම ක්‍රියා කළ යුතු බවත් ඊට අමතරව තරුණ පරපුරේ ඡන්දය දිනා ගැනීමටද වැඩසටහන් ආරම්භ කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
පක්ෂයේ ව්‍යුහය වෙනස් විය යුතු ආකාරය ගැන තමා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවත් ඒ අනුව පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා තරුණ නායකත්වයක් හදා දෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
(Lanka Leads)