බහුතරයේ අකැමැත්ත මත බලය බෙදීමට තමන් කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.
බලය බෙදීම දේශපාලන බොරුකාරයන්ගේ කතාවක් බවත්, සාමාන්‍ය ජනතාවට එවැනි අවශ්‍යතාවක් නොමැති බව හෙතෙම සඳහන් කළේය. සෑම ආණ්ඩුවක්ම බලය බෙදීමට කතා කළද එය ජනතාවගෙන් වාසි ලබා ගැනීමට සිදුකළ ප්‍රකාශ බව පසුගිය වකවානුවේදී පසක් වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පුවත්පත් කතුවරුන් සමග පැවැති සාකච්ඡාවකදීය.
(Lanka Leads)