ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ගිවිසුම් ගත දේවල් වෙනස් වන්නේ නම් එය සාකච්ජාවකින් අනතුරුව සිදුකළ යුතු බව ශ්‍රීලනිප හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කර ඇත.
මහනුවරදී මාධ්‍ය අමතමින් හිටපු මහ ලේකම්වරයා මේ බව පවසා තිබුණි.
ශ්‍රීලනිපය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළුව පක්ෂ හා කණ්ඩායම් 17ක එකතුවකින් සන්ධානය ගොඩනගා ගෙන තිබේ.
ඒ අනුව ඉදිරියේදී බොහෝ විට එම ගිවිසුම සම්බන්ධයෙන් යාම යම් වෙනස්කම් දක්නට හැකි වනු ඇත.
මහ මැතිවරණය සඳහා ජනප්‍රිය ලකුණකින් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායම දැඩි ස්ථාවරයක් පසුවෙයි. ඔවුන් දිගින් දිගටම පවසන්නේ ජනාධිපතිවරණයේ මෙන් මහ මැතිවරණයේත් සලකුණ පොහොට්ටුව බවයි.
ජනාධිපතිවරණයේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතල කාරණයක්ව පැවති ජන්ද සළකුණ සම්බන්ධයෙන් අවසානයේ බහුතර මතය සමඟ එකඟ වීමට සිදුවිය.
අවසානයේ කොන්දේසි විරහිතව ශ්‍රීලනිපයට ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ව කටයුතු කිරන ලදී.
එහෙත් මේ වන විට යළිත් ජන්ද සළකුණ සම්බන්ධයෙන් ශ්‍රීලනිප පාර්ශවයේ විවිධ මත පළවෙමින් පවතින අතර ඔවුන් තවදුරටත් පොදු ලකුණ බලාපොරොත්තු වෙමින් හිඳියි.
(LNW)