Friday, July 04, 2025
Follow Us
අගමැති අපේක්ෂකයා සජිත්!

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතා නිර්දේශ කර තිබෙන බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව විසින් මෙම තීරණය ගත් බවයි කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවන්හි එය නිවැරදිව සටහන් වී නැති හෙයින් කමිටු සාමාජිකයෙක් ලෙස ලක්ෂමන් කිරිඇල්ල මහතා එම නිවේදනය නිකුත් කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට විපක්ෂ නායකයා ලෙසද පත් කර තිබෙන අතර ඔහු මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් නැවත සිය දේශපාලන මෙහෙයුම ආරම්භ කිරීම කටයුතු යොදා ඇති බව සඳහන්. ඒ අනුව එළඹෙන 17 වැනිදා සිට තමන්ට සහය දැක්වූ ජනතාවට ස්තූතිය පළකරමින් ඉදිරි කටයුතු ආරම්භ කරනු ඇති.

(LNW)