Friday, July 04, 2025
Follow Us
අර්ජුන එජාපයෙන් මහ මැතිවරණයට! මහර ආසනය භාරගන්නැයි රනිල් ඉල්ලයි

ජනාධිපති ගෝඨාගෝඨාභය රාජපක්ෂ මහතාට හරි දේ කිරීමට හැකිවේද යන්න තමාට සැක සහිත බවත් ඔහු වටා සිටින්නේ පරණම අයම බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.


රණතුංග මහතා මේ බව පැවසූවේ වරපලාන ශ්‍රී ජිනේන්ද්‍රාරාමය විහාරස්ථානයේ අඩුපාඩු සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවක දී මාධ්‍යවේදීන් අමතමිනි.

රණතුංග මහතා මෙසේද පැවසීය

‘‘මට එක්සත් ජාතික පක්ෂයෙන් ආරාධනා කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට බැඳෙන්න කියලා. ආසනයක් ගන්නත් කියලා තියෙනවා මම ආවේ හිටපු අගමැති තුමා ඉල්ලීමක් කරල තිබුණා මහර ආසනය හදන්න කියලා. මම බලාපොරොත්තු වෙනවා මම ගන්න ඕනෑම ආසනයක් එකේ වැඩ කරන්න. ආසන වලට ගිහිල්ලා අපේ පාක්ෂිකයෝ විතරක් නෙවෙයි අනෙකුත් පාක්ෂිකයනුත් එක් කරගෙන රටට හොඳ වන දේවල් අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න.‘‘

(Lanka Leads)