Thursday, April 09, 2026
Follow Us
සජිත්ගේ පරාජය ගැන දැන සිටියා…සමීක්ෂණ වලින් සජිත් හිටියේ පිටුපසින් – රනිල්

ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වන බව තමා දැන සිටි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ (14) පැවති ජනහමුවක් අමතමින්.

ජනාධිපතිවරණයේදී සහාය දැක්වූ පිරිසට ස්තූති කිරීමේ උත්සවයක් ගාල්ල උලුවිටිකේ එක්සත් ජාතික පක්ෂ මහජන කාර්යාලයේදී පෙරවරුවේ පැවැත් විය.

ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන්.

(Lanka Leads)