එජාපයේ ඉදිරි සැළසුම් සහ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර තිබියදී එහි සාමාජිකයන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සිය පෞද්ගලික මත ඉදිරිපත් කිරීම සදාචාර සම්පන්න නොවන බව එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන ජෝන් අමරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, වජිර අබේවර්ධන, මලික් සමරවික්‍රම, ආශු මාරසිංහ යන මන්ත්‍රීවරුන්ගෙන් සහ තලතා අතුකෝරාළ මන්ත්‍රීවරියගෙන් සැදුම් ලත් කමිටුවක් පසුගියදා පත්කළ අතර එම කමිටුව තවමත් සාකච්ඡා පවත්වමින් සිටී. ඒ අතර කමිටු සාමාජිකයන් වන රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ තලතා අතුකෝරාළ මහත්මිය මාධ්‍ය හමුවක් පවත්වමින් කමිටුවේ විෂයපථයට අදාල කරුණු සම්බන්ධයෙන් සිය පෞද්ගලික මත ඉදිරිපත් කළේය.
මේ සම්බන්ධයෙන් කමිටුවේ සෙසු සාමාජිකයන්ගේ සහ එජාප ජ්‍යෙෂ්ඨයන්‌ගේ විවේචන එල්ල විය.
ජෝන් අමරතුංග මහතා සිය නිවේදනයෙන් අවධාරණය කරන්‌නේ එසේ පෞද්ගලික මත ඉදිරිපත් කිරීම සදාචාර සම්පන්න නොවන බවයි. එසේම නෛතික වශයෙන්ද එය අනුචිත බව මන්ත්‍රීවරයා පවසනවා.
අධිකරණයේ ක්‍රියාත්මක වන නඩුවකදී වුවද විනිශ්චයකාරවරුන් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර සිය පෞද්ගලික මත ඉදිරිපත් නොකරන බව පෙන්වා දෙන ජෝන් අමරතුංග මහතා පවසන්නේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ තලතා අතුකෝරාළ මහත්මිය සිය වගකීම් සහ අචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවයි.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හැරුණු කොට පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස තමාට වැරදි පෙන්වා දීමේ අයිතියක් මෙන්ම වගකීමක් ද ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. පක්ෂයේ අර්බුදයක් මතුව ඇති අවස්ථාවක සිය පෞද්ගලික මතවාද සහ අරමුණු පසෙක ලා සියලු දෙනා එකමුතුව, සියලු දෙනාගේ අදහස් විමසා අවශ්‍ය විසඳුම් ලබාගත යුතු බව ජෝන් අමරතුංග මහතා අවධාරණය කරනවා.
(LNW)