පාර්ලිමේන්තුවේ බහුතරය නිර්මාණය කර ගැනීම සඳහා අන්තවාදීන්ගේ පිහිට පැතීමට කිසිසේත් කටයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. යම් හෙයකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිටින දේශපාලන කඳවුරට අන්තවාදීන් එකතු කර ගතහොත් එය තමන්ගේ දේශපාලන ගමනේ අවසානය වනු ඇති බවයි රඹුක්වැල්ල මහතා පවසන්නේ.
අද (14) මහනුවරදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ එවැනි තත්වයක් ඇති වුවහොත් අන්තවාදීන් සමගට එකට සිට ගැනීමෙන් වැලකී දේශපාලනයෙන් සමු ගන්නා බවයි. කුමන තත්වයක් මත හෝ ඉදිරි මැතිවරණයෙන් පසුව බිහිවන ආණ්ඩුව තුළ අන්තවාදීන්ට ඉඩක් ලබාදිය නොහැකි බවයි ඇමතිවරයා අවධාරණය කරන්නේ.
පසුගිය ජනාධිපතිවරණයේදී අන්තවාදීන්ගෙන් තොර ජනවරමක් බිහි කිරීමට හැකි වූ බවත්, එම ජනවරම ආරක්ෂා කර ගැනීම එදා එම ජනවරම වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාගේම වගකීම බවත් ඔහු පවසනවා. ඒ නිසා පොදුජන පෙරමුණ සහ ඒ සමග සිටින දේශපාලන බලවේග පාර්ලිමේන්තුවේ 113 කට වැඩි ආසන ප්‍රමාණයක් දිනා ගැනීම අත්‍යවශ්‍ය බවයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙන්නේ.
(LNW)