Thursday, February 19, 2026
Follow Us
එජාප කමිටුවෙන් තලතා – රංජිත් අස්‌වෙති

එක්‌සත් ජාතික පක්‌ෂයේ ඉදිරි කටයුතු ගැන තීරණය කිරීමට පත් කරන ලද විශේෂ සය පුද්ගල කමිටුවෙන් රංජිත් මද්දුම බණ්‌ඩාර සහ තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත.

එවැනි කමිටුවකට දිගින් දිගටම සහභාගි වෙමින් කල් මැරීම සිදු කළ නොහැකි වීම මත මෙම කමිටුවෙන් ඉල්ලා අස්‌වන බව එම දෙපළ පැවසූහ.

එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවත්, එසේ නොකොට නායකත්ව මණ්‌ඩලයක්‌ පත් කිරීම හෝ වෙනත් කරුණු සම්බන්ධව දිගින් දිගටම සාකච්ඡා කර ඵලක්‌ නැති බවත් ඔවුහු සඳහන් කළහ.

(Lanka Leads)