එළඹෙන දෙසැම්බර් 20 වනදාට පෙර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 27 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් සජිත් පිල විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ.
ඊයේ (13) පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් මෙම ලිපිය සිරිකොත පක්ෂ මූලස්ථානයට භාරදී ඇත.
දැනට පවතින කෘත්‍යාධිකාරී මණ්ඩලය දෙසැම්බර් 30 වනදායිම් කල් ඉකුත්වීමට නියමිත අතර නව කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත්කිරීමේ වගකීම පක්ෂ නායකයා සතුය.
(LNW)