පසුගිය ජනාධිපතිවරණ සමයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සියලු පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව රුපියල් 20,000 දක්වා සති දෙකක් ඇතුළත ඉහළ දමන බවට වේදිකාවලදී කළ ප්‍රකාශය සියලු පොලිස් නිලධාරීන් නොමග යැවීම සඳහා කළ ප්‍රකාශයක් බව හෙළි වී තිබේ.
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව රුපියල් 20,000 දක්වා ඉහළ දැමීම සඳහා පසුගිය ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් අනුමැතිය හිමි වූ බවට කළ ප්‍රකාශය පදනම් කරගනිමින් සජිත් ප්‍රේමදාස පසුගිය ජනාධිපතිවරණ සමයේදී එවැනි පොරොන්දුවක් ලබාදී ඇති බවද වාර්තා වේ.
මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයකු සඳහන් කළේ පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව වැඩිකිරීම පිළිබඳව පසුගිය රජය යටතේ මුදල් අමාත්‍යාංශය කිසිදු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අනුමත කොටගෙන නොමැති බවය.
(Lanka leads)