Friday, July 04, 2025
Follow Us
මහමැතිවරණයට එජාපය පොදු සන්ධානයකින්

මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරඟ කරන බවත් ඡන්ද ලකුණ සහ අනෙකුත් කාරණා පිළිබඳ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.

මෙම පොදු සන්ධානය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවෙන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලට විවෘත ආරාධනාවක් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ එහි තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් අබේවර්ධන මහතා සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවෙන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් එක තැනකට ගෙන එකම ලකුණක් යටතේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය මුල් කරගත් රජයක් එක්සත් ජාතික පක්ෂය මූලිකත්වයෙන් බිහිකරන බවත් වජිර අබේවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.

(Lanka Leads)