Friday, July 04, 2025
Follow Us
චක්‍රලේඛ කතාව බොරු. VIP පර්යන්තයට මැති ඇමතිවරු මුදල් ගෙවන්න ඕනෙ නෑ - ප්‍රසන්න

කටුනායක ගුවන් තොටුපළේ විශේෂ ප්‍රභූ පර්යන්තය භාවිතා කරන්නේ නම් මැති ඇමතිවරුන් ඇමරිකානු ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට ජනාධිපතිවරයාගේ උපදෙස් මත චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ප්‍රචාරණය වූ පුවත අසත්‍ය යැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙසේ මැති ඇමතිවරුන් ද ජනාධිපතිවරයා මෙන් සාමාන්‍ය මගී පර්යන්තය භාවිතා කරමින් විදෙස්ගත විය යුතු බවත් එසේ නොකොට විශේෂ ප්‍රභූ පර්යන්තය භාවිතා කරන්නේ නම් ඊට මුදල් ගෙවිය යුතු බවත් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව මාධ්‍ය හමුවක් අමතමින්ම ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසිනි.

කෙසේවෙතත් විෂය භාර අමාත්‍යවරයා ලෙස එය ප්‍රතික්ෂේප කරමින් "සාමාන්‍යයෙන් VIP පර්යන්තය පාවිච්චි කරන්නේ විදේශ මහජන නියෝජිතයින් හෝ තානාපතිවරුන් එනවා නම් හෝ ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වා ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරුන්ට නොමිලේ පාවිච්චි කිරීමේ අවස්ථාව දීලා තියෙනවා.

ඉතිං ඒක වෙනසක් කරන්න කියලා ජනාධිපති කාර්යාලයෙන් අපට දැනුවත් කිරීමක් කරලා නෑ" යනුවෙනුයි ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ.

(LNW)