Friday, July 04, 2025
Follow Us
මහ මැතිවරණ ලකුණ ගැන පොහොට්ටුනිදහස් පක්ෂ සාකච්ඡා ලබන සතියේ

මහ මැතිවරණයේදී ඒකාබද්ධව ඉදිරිපත්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා ලබන සතියේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. මහ මැතිවරණයේදී ඉදිරිපත් වන ලකුණ පිළිබඳ අවසන් තීරණයද මෙහිදී ගැනීමට නියමිතය.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර දීර්ඝ කාලයක් සාකච්ඡා පැවැත්විණි. එහිදී ගනු ලැබූ තීරණ මත දෙපක්ෂය අතර ගිවිසුමක්ද අත්සන් කරන ලදී.

මහා මැතිවරණයේදී ඉදිරිපත් වීම පිළිබඳ සාකච්ඡා සඳහා දෙපක්ෂයෙන් ඉදිරිපත් වන කණ්ඩායම මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

(Lanka Leads)