ජනාධිපතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය මේ දක්වා සක්‍රීයව සිය දේශාපාලන කටයුතු තවදුරටත් ආරම්භ කර නොමැති අතර මේ දිනවල පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් වන අර්බුදයකට මුහුණ දී සිටියි.
එමෙන්ම විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පැවති අර්බුදයද විසඳමින් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකධූරය ලබා දුන් නමුත් ඔහුද එහි වැඩ කටයුතු ආරම්භ කිරීම දිනෙන් දින ප්‍රමාද වෙමින් තිබුණි.
කෙසේවෙතත් දැනට පවත්නා සියලු අර්බුදකාරී තත්ත්වයන් සමනය කරගනිමින් එළඹෙන සතියේදී යළි සිය කටයුතු ආරම්භ කිරීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.
ලංකා නිවුස් වෙබ් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ තමන් ගිය සෑම ආසනයක් වෙත ගෙස් ජනතාව සමඟ සාකච්ජා කර නව වැඩපිළිවෙල ආරම්භ කරන බවයි.
ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේදී ඔහු වේදිකා 154කදී ජනතාව ඇමතූ අතර ඔහුගේ අනාගත සැලසුම අනුව ඒ සෑම ආසනයක් වෙත යමින් තමන් මත විශ්වාසය තැබූ සියලුම ජනතාව වෙත ස්තූතිය පළකිරීමටද නියමිතය.
ඉදිරි මහ මැතිවරණයට වඩා සාර්ථකව මුහුණ දෙමින් එක්සත් ජාතික පක්ෂය හා පෙරමුණත් ජයග්‍රහණයේ මාවතට ගෙන යාම තම අරමුණ බව ප්‍රේමදාස මහතා පැහැදිලි කළේය.
මේ අතර ඉදිරියේ තමන්ට එල්ල විය හැකි ඕනෑම චෝදනාවකට නොබියව, නොපැකිළව මුහුණ දීමටද තමන් සූදානම් බවද හෙතෙම අවධාරණය කළේය.
(LNW)