Friday, July 04, 2025
Follow Us
සජිත් විපක්ෂ නායක ධූරයේ වැඩභාරගැනීම තවදුරටත් ප්‍රමාදයි - මෙන්න හේතුව

සජිත් ප්‍රේමදස මහතා විපක්ෂ නායකවරයා ලෙස තවදුරටත් වැඩභාර ගැනීම ප්‍රමාද වීම මේ වන විට ඔහුගේ කණ්ඩායමට බරපතල ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

විශේෂයෙන් ප්‍රේමදාස සහය දක්වන කණ්ඩායම ඔහුට විපක්ෂ ධූරය ලබා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගත් අයුරු පෙනෙන්නට තිබූ අතර දැන් එහි සිය රාජකාරී ඇරඹීමට ප්‍රේමදාස මහතා පස්ස ගැසීම ඔවුන්ට බලවත් ප්‍රශ්නයක් වී තිබේ.

එය ඔහු වටා ගොණු වී සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ටද සිදුකර බලවත් අසාධාරණයක් වන හෙයින් කඩිනමින් විපක්ෂ නායකයා ලෙස ප්‍රේමදාස මහතා කටයුතු ආරම්භ කළ යුතු බවට එජාපය තුළම සාකච්ජාවට ලක්ව ඇත.

මේ වන විට විපක්ෂ නායක කාර්යාලයද ඔහු වෙනුවෙන් සූදානම් කර තිබෙන නමුත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් විපක්ෂ නායකයා ලෙස රාජකාරී ඇරඹීම ප්‍රමාද කරමින් සිටින්නේ තවදුරටත් ඔහු ජනාධිපතිවරණ පරාජය සම්බන්ධයෙන් තැවෙමින් සිටීම හේතුවෙන් බව වාර්තා විය.

ජයග්‍රහණය සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතා දැඩි විශ්වාසයකින් පසුවුවද එය යථාර්තයක් නොවීම සම්බන්ධයෙන් තවදුරටත් ඔහු යම් පසුතැවිල්ලකින් පසුවන බවද සඳහන්.

අනෙක් පසින් පක්ෂ නායකත්වය නොමැතිව විපක්ෂ නායක ධූරය පමණක් ගැනීමට සිදුවීමද ඊට බලපා ඇති තවත් කාරණයක් ලෙස අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් පවත්නා අර්බුද විසඳා ගැනීමේ මූලික පියවර ලෙස හෝ සලකා ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතට ගැනීම සඳහා කටයුතු ආරම්භ කළ යුතු බව එජාපය තුළම දැන් සංවාදයට ලක්ව තිබේ.

(LNW)