Saturday, July 05, 2025
Follow Us
තිස්ස මහනුවරින් මහ මැතිවරණයට!

විවිධ දේශපාලන ගැටුම් හේතුවෙන් කලක් එක්සත් ජාතික පක්‍ෂ ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටි තිස්ස අත්තනායක මහතා මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ඉදිරි මහමැතිවරණය සදහා ඉදිරිපත් වීම සදහා අවශ්‍ය පසුබිම මේ වන විට සකසමින් සිටි බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වීම සදහා මහනුවර නගරයේ ස්ථාන දෙකක කාර්යාල පහසුකම් පවා ඒ මහතා ලබා ගෙන ඇති බවද සඳහන්.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ සටන මෙහෙයවීම සදහා සක‍්‍රීය දායකත්වයක් ලබාදෙමින් යළිත් ජනතාව හා පාක්‍ෂිකයින් අතර වැඩි කතා බහට බදුන් වු තිස්ස අත්තනායක මහතා උඩුදුම්බර ආසනය හෝ මහනුවර ආසනය නියෝජනය කරමින් ජන්ද සටනට අවතීර්ණ වන බවයි ඒ මහතාට සමීප ආරංචි මාර්ගවලින් පැවසුවේ.

‘‘ඔව් මම මහනුවරින් මහ මැතිවරණයට ඉදිරිපත් වනවා ඒක ස්ථිරයි" ඊට වැඩි යමක් මේ මොහොතේ පැවැසිය නොහැකියි යැයිද අප තිස්ස අත්තනායක මහතාගෙන් මේ ගැන කළ විමසුමකදී පැවැසීය.

(LNW)