හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී පැවැත්වූ සාදයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකුත් නොපැමිණි බවට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන පුවත සාවද්‍ය එකක් බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.
ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා එවන් සාදයක් හිටපු ජනාධිපතිවරයා විසින් පවත්වා හෝ නොමැති බවයි එම මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ.
එසේම, හිටපු ජනාධිපතිවරයා දීර්ඝ නිවාඩුවක් සඳහා විදෙස්ගත වීමට සූදානම් බවටත් ඊට වීසා නොලැබී ඇති බවටත් පළ වූ පුවත් ද අසත්‍ය බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
(LNW)