Saturday, July 05, 2025
Follow Us
එජාප නායකත්වය ගැන හෙට සිට යළි සාකච්ජා

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් වන ප්‍රශ්නය නිරාකරණය කර ගත් ආකාරයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ද සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා ගැනීම සඳහා හෙට (09) සිට යළි සාකච්ජා ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

පක්ෂයේ නායකත්වයද දැන් වෙනස් විය යුතු අතර රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීම හෝ තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම ඊට අදාළ නොවන අතර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය මුහුණ දිය යුත්තේ නව නායකත්වයක් යටතේ බව සජිත්වාදීන් පෙන්වා දී තිබේ.

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව අනුමත කළ අයුරින් පක්ෂ නායක ධූරය සම්බන්ධයෙන්ද වන ගැටලුව නිරාකරණය කරගත යුතු බවයි ඔවුන් පවසා ඇත්තේ.

එම වෙනස පක්ෂය එක්සත් වන ආකාරයට සිදුවිය යුතු බවද ඔවුන් මතු කර තිබේ.

ඉදිරි දින කිහිපය තුළ එකම කටයුතු සාර්ථක වනු ඇති බවටද විශ්වාසයක පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

වසර 25කට පසු සිදුවන වෙනසක් වන අතර එතෙක් පාක්ෂිකයන්ද කලබල විය යුතු නැති තැනකට පත්කරගැනීම ප්‍රාදේශීය නායකයන්ගේ වගකීම වන බවද සජිත්වාදීන් සාකච්ජා කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා ගැනීම සඳහා යම් අරගලයක් කිරීමට සිදුවනු ඇති බවටද එම පිරිස යම විශ්වාසයක් පළකර ඇත.

(LNW)