Saturday, July 05, 2025
Follow Us
අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා ගේ අවසන් කටයුතු අදයි

අභාවප්‍රාප්ත රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගොඩකවෙළ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී අද (08) පස්වරුවේ සිදු කෙරෙනවා.

හදිසියේ රෝගාතුර වී සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වුණේ ඉකුත් සිව්වනදායි. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 57 වන වියේ පසුවුණා.

(Neth)