ඉදිරි මහ මැතිවරණයට පුටුව ලකුණින් තරඟ කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණට නව නිළධාරී මණ්ඩලයක් ළඟදීම පත් කරනු ඇතැයි වාර්තා වේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් එකට එක්ව සාකච්ඡා කර එම නව නිළධාරී මණ්ඩලය පත් කෙරෙනු ඇති බව ද දැනගන්නට ඇත.
දැනට තිබෙන පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කෙරෙන අතර ශ්‍රීලනිපයත් පොදුජන පෙරමුණ හා ඊට සම්බන්ධ පක්ෂත් එහි හවුල්කරුවන් බවට පත්වනු ඇත. ඒ සියළු පක්ෂවල තනතුරු බෙදී යන සේ නව නිළධාරී මණ්ඩලය පත් කෙරෙනු ඇති බව ද වාර්තා වේ.
පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා ( 04 දා ) රාත්‍රියේ දී ශීලනිප මූලස්ථානයේ දී රැස්වූ අතර හිටපු අගමැති දි.මු ජයරත්න මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ එහි මහලේකම් ධූරයට වාඩබලන මහලේකම් ලෙස රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා එහිදී පත්කර ගෙන ඇත.
(Lanka leads)