Saturday, July 05, 2025
Follow Us
එජාප පෙරමුණු සුළු පක්ෂ මහ ඡන්දයේදී වෙනම එයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග දැනට සන්ධාන ගතවී ඇති සුළු පක්ෂ ගණනාවක් වෙන් වෙන්ම තරග කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන පක්ෂ සහ දෙමළ ප්‍රජාව නියෝජනය කරන පක්ෂ වෙන වෙනම තරග කරනු ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

එක්සත් ජාතික පෙරමුණේ බෞද්ධ පදනම ආරක්ෂා කිරීම සඳහා නව මුහුණුවරකින් ප්‍රතිසංවිධාන කළයුතු බැවින් සුළු පක්ෂ වෙනමත් එක්සත් ජාතික පක්ෂය වෙනමත් තරග කළ යුතු යැයි පක්ෂයේ උපදේශකයන් පෙන්වා දී තිබේ. ඒ අනුව මෙම පක්ෂ වෙනම තරග කිරීමටත් මැතිවරණයෙන් පසුව සන්ධාන ගතවීමටත් තීරණය කර ඇත.

(Lanka Leads)