මෙතෙක් නිලනිවාස හා නිලවාහන ආපසු භාර නොදුන් පසුගිය රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
එම අමාත්‍යවරුන් අතරින් මේ වනවිට නිලනිවාසය හා නිලවාහන ආපසු භාරදී ඇත්තේ පාඨලී චම්පික රණවක මහතා පමණක් බවයි අමාත්‍යාංශ ලේකම්වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.
ඒ අනුව සෙසු අමාත්‍යවරුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදුවන බව ඔවුන් වෙත ලිඛිතව දැනුම් දුන් බවත් අමාත්‍යාංශ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.
පසුගිය රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් නිලනිවාස හා නිලවාහන භාර නොදීම හේතුවෙන් නව අමාත්‍යවරුන් සඳහා නිලනිවාස හා නිලවාහන ලබාදීමට නොහැකි වීමෙන් ගැටළු මතුවී ඇති බවත් මෙම තත්වය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති ලේකම්වරයාගෙන් ද උපදෙස් ලබාගත් බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(LNW)