ඉදිරි මහමැතිවරණයට පොලොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් තරග කරන ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇතැයි තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා කොළඹදී අද (6) පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ඔහු දේශපාලන දහරාවේ සිටිය යුතුම බව පක්ෂයේ ස්ථාවරය වී ඇති බවත් සුමතිපාල මහතා සඳහන් කළේය.
පුංචිබොරැල්ලේ පිහිටි තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපකෂ මහතා විශිෂ්ඨ ලෙස ජයගත් ආකාරයෙන්ම ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානගතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබන බවත් සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.
(LNw)