Saturday, July 05, 2025
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ඉවත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පක්ෂයෙන් ඉවත් කළ බව දන්වා මැතිවරණ කොමිෂන් සභාවට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද (05 වැනිදා) ලිපි යොමු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි පක්ෂයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණි. වෙනත් දේශපාලන පක්ෂ සමග සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන අයගේ පක්ෂ සාමාජිකත්වයද ලබන සතියේ තහනම් කිරීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ලබන සතියේ රැස්වීමට නියමිතය. මෙහිදී ඉවත් කළ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පත් කරන නවක මන්ත්‍රීවරුන් පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට සැලසුම් කර ඇත. එම රැස්වීමේදී පළාත් පාලන මන්ත්‍රීවරුන් 35 දෙනකු සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමේ අවසන් තීරණයද ගන්නා බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

(Aruna)