එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකත්වය ලබාගැනීමේ යෝජනාවක් පක්ෂ මූලස්ථානයට ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයට පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු දැඩි සටනක නිරතව සිටියි. ගම්පහ දිස්ත්‍රික් නායක ලෙස සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව මේ වන විට ප්‍රකාශ කර තිබේ.
පසුගිය වසර කිහිපයේදී බදුල්ල දිස්ත්‍රික් ජනතාව අතර හරීන් ප්‍රනාන්දු අප්‍රසාදයට පත්වීම නිසා මහ මැතිවරණයට ඉදිරිපත්ව බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් නොමැති වීම වැනි කරුණු හේතුවෙන් මන්ත්‍රීවරයා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයට මැතිවරණවලදී වාසි සහගත බදුල්ල දිස්ත්‍රික්කය පසුගිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරීමටද එම පක්ෂයට නොහැකි විය. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල මැතිවරණ කොට්ඨාසයේ ආසන සංවිධායකවරයා වීමටද හරීන් ප්‍රනාන්දු බලාපොරොත්තු වෙයි.
මේ පිළිබඳව මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසුවේ දිවයිනේ ඕනෑම දිස්ත්‍රික්කයකින් ජනතා ඉල්ලීම මත මැතිවරණවලට ඉදිරිපත් විය හැකි බවයි.
(Aruna)