උතුර පළාත් ආණ්ඩුකාර ධූරයට යෝජනා වී සිටින ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එය භාරගැනීම දැඩිව ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වෙයි. ආණ්ඩුව පාර්ශවයෙන් එම ආණ්ඩුකාර ධූරය භාරගන්නා ලෙස තවදුරටත් ඔහුට ඉල්ලීම් කරමින් පැවතියද එය භාරගැනීම මුත්තයියා මුරලිදරන් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
වාර්තා වන අන්දමට ඔහු පවසා ඇත්තේ ආණ්ඩුකාර ධූරයක් දැරීමට තරම් තමන් දේශපාලනයේ පැසුණු පුද්ගලයෙකු නොවන අතර විශේෂයෙන් උතුර හා බැඳී පවතින සමාජ, සංස්කෘතිකා කාරණා සමඟ ගැටීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.
සමාජ, සංස්කෘතික කාරණා මත පදනම්ව උතුරේ ජනතාවද ඔහුව ප්‍රතික්ෂේප කරමින් සිටින බවද කියවෙයි.
කෙසේවෙතත් උතුරේ ආණ්ඩුවේ නියෝජිතයා ලෙස උතුර පිළිබඳ හොඳින් දන්නා, දැනටමත් උතුරේ ජනතාවගේ ප්‍රසාදය ද දිනාගෙන සිටින තැනැත්තන් සිටියදී ඔවුන්ව පසෙකට කර තැබීම සම්බන්ධයෙන්ද ආණ්ඩුව තුළ යම් කතා බහක් ඇතිව තිබෙන බවද වාර්තා වෙයි.
උතුරේ ආණ්ඩුකාර ධූරය ලබා දීමට සියලු සුදුසුකම් සපුරා සිටින තැනැත්තන් සිටියදී මුත්තයියා පසුපස යෑමත් අනෙක් පසින් ඔහු එය ප්‍රතික්ෂේප කරන්නේ නම් වෙනත් කෙනෙකු පත්කිරීමට මෙතරම් කල්මරන්නේ ඇයිද යන්නත් දැන් ආණ්ඩුව තුළම යම් උභතෝකෝටිකයක් නිර්මාණය කර තිබේ.
(LNW)