Saturday, July 05, 2025
Follow Us
ගම්මන්පිලත් පොහොට්ටුවට එරෙහි වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී සිටින සියලුම පක්ෂ ඉදිරි මහමැතිවරණය සඳහා තරගවැදිය යුත්තේ පොහොට්ටුව ලකුණින් නොව පුටුව ලකුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලපොපෙ සමඟ සන්ධානගත වූ සියලුම පක්ෂ ඉදිරි මහමැතිවරණය සඳහා පුටුව ලකුණින් තරගවැදීමට ගිවිසුම්ගත වූ බවයි ඒ මහතා සිහිපත් කළේ.

එහෙයින් මහමැතිවරණය සඳහාත් පොහොට්ටුව ලකුණින්ම තරගවදින බව පවසන්නේ එම ගිවිසුම පිළිබඳ අවබෝධයක් නොමැති හෝ වෙනත් පුද්ගලික වුවමනාවන් ඇති පිරිස් බවට ඒ මහතා තම කඳවුරේම පිරිස් වෙත චෝදනාවක් ද එල්ල කළේය.

ඒඅනුව, මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම වැළැක්වීම සඳහා එම අවබෝධතා ගිවිසුමේ කොන්දේසි පිළිබඳව තම පාක්ෂිකයින් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ක්‍රියාකළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අතමිනි.

(LNW)