හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් නිදහසට කරුණු විමසීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස් වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් මෙම තීරණ ගෙන තිබෙන බවද වාර්තා වේ. සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම සඳහා අවස්ථා තුනක දී පමණ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ බවත් එහිදී සජිත් ප්‍රේමදාස මහතා 58% ජනවරමක් ලබා ගන්නා බවට එම සමීක්ෂණ වාර්තාවලින් පෙන්නුම් කළ බවත් එම සමීක්ෂණ වාර්තා තුළින් එක්සත් ජාතික පක්ෂය නොමඟ යැවීමට හර්ෂ ද සිල්වා මහතා කටයුතු කර තිබෙන බවටත් ප්‍රබල චෝදනාවක් මෙම සාකච්ඡාවේදී එල්ල වී තිබේ.
ඒ අනුව එම සමීක්ෂණ වාර්තාව සකස් කළේ කෙසේද යන්න සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා මහතාගෙන් කරුණු විමසීමට නියමිත බවත් ඒ සඳහා හර්ෂ ද සිල්වා මහතාට ලිඛිත දැනුම්දීමක් ලබාදෙන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට උපදෙස් ලබාදී තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.
(Lanka Leads)