ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගත හැක්කේ උපරිම ආසන 05 ක් පමණක් බව ශ්‍රීලනිප හිටපු ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා. ශ්‍රීලනිප ක්‍රියාකාරිකයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා මේ බව පවසා තිබෙනවා.
ශ්‍රීලනිපය පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා එකඟ වූ ප්‍රධාන කරුණක් වූයේ ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් ඉදිරිපත් වීමයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට පොදුජන පෙරමුණේ නායකයන්ගෙන් විරෝධය එල්ල වී ඇති අතර ඔවුන් පවසන්නේ පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වුවහොත් තුනෙන් දෙකක බහුතරයක් ලබාගත හැකි බවයි.
මේ පිළිබඳව ශ්‍රීලනිපයෙන් විරෝධය එල්ල වී ඇති අතර එම පක්ෂය පවසන්නේ ජනාධිපතිවරණයේදී එළඹි ගිවිසුමට අනුව පොදු සන්ධානයකින් ඉදිරිපත් විය යුතු බවයි.
(LNw)