Saturday, July 05, 2025
Follow Us
19 අහෝසි කළහොත් රට ආපස්සට යනවා - කිරිඇල්ල

උසස් නිලතල සහිත රජයේ ප්‍රධාන ආයතන ගණනාවක කටයුතු ස්වාධීන කිරිමේ අරමුණින් හා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරිමේ අරමුණින් ගෙන ආ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළහොත් රට ආපස්සට යන බව සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

එම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කිරිමට හැකියාව පවතින බවද එසේ නොමැතිව එය මුළුමනින්ම අහෝසි කිරිමට යාම රටට හිතකර නොවන බවද ඒ මහතා පවසයි.

ස්වාධීන කොමිෂන් සභා රටතුළ ස්ථාපිත කරනු ලැබුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ නීතිමය ප්‍රතිපාදන මත බවද ඒ තුළින් අධිකරණය පොලීසිය මැතිවරණ කටයුතු මුළුමනින්ම ස්වාධීන ආයතන බවට පත්කිරිමේ හැකියාව ලැබුණු බවද කුමන රජයක් බලයේ සිටියද එම ආයතන ස්වාධීනව තිබීම රටට හිතකර වන බවද කිරිඇල්ල මහතා පවසයි.

සභානායක ලෙස තමා විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂයට මන්ත්‍රිවරුන් හතළිහක් සිටියද එය සම්මත වුයේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරු පිරිසක් ඊට කැමැත්ත ලබා දුන් නිසා බවද ඒ මහතා පවසයි.

(LNW)