නායකත්ව මණ්ඩලයක් පත්කර ඒ මගින් පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂ නායක ධූරය කරු ජයසූරිය මහතාට ලබාදී ඉදිරි මහමැතිවරණය මෙහෙයවීමේ වගකීම ඒ මහතාට ලබා දියයුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පවසනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා ද දැනුවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාවය හිමි වී නොමැත. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා ඊට කැමැත්ත පළකර තිබේ. ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් ඈත් වී සිටින සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වය භාර ගැනීම සම්බන්ධයෙන් ද වැඩි කැමැත්තක් නොමැත.
මහ මැතිවරණය මෙහෙයවීමේ වගකීම කරු ජයසූරිය මහතාට ලබා දුනහොත් ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් ගිලිහී ගිය සිංහල බෞද්ධ ජන්ද පදනම නැවත ආකර්ශනය නැවත පක්ෂයට ලබා ගැනීම කරු ජයසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටින එජාප ජ්‍යෙෂඨයන්ගේ මූලිකම තර්කයයි. බෞද්ධ ඡන්ද ආකර්ශනය කර ගැනීමට හැකි එකම සුදුස්සා කරු ජයසූරිය මහතා බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
(LNW)