ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලබාදීමට සුදානම් වූ රාජ්‍ය අමාත්‍ය ධුරය තමන් ප්‍රතික්ෂේප කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
ඊට කාරණා කීපයක් හේතු වූ බව ගුවන්විදුලි මාධ්‍යක් සමග සංවාදයකට එක් වෙමින් මන්ත්‍රීවරයා පවසා ඇත.
කැබිනට් අමාත්‍යධුරයක් දැරූ තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරීමට සුදානම් නොමැති බව ඔහු එහිදී අවධාරණය කර ඇත.
ෆයිසර් මුස්තාෆා මහතා වැඩිදුරටත් පවසා ඇතිතේ තරුණයින්ට අවස්ථාව ලබාදීම සඳහා මෙම තීරණය ගත් බවයි.
ඉදිරියේදීත් තම ප්‍රතිපත්ති මත පිහිටා දේශපාලනයේ නිරත වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.
(Lanka Leads)