තමන්ගේ බලාපොරොත්තුව වූයේ යහපාලන ආණ්ඩුව වෙනස් කර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්කිරීමත් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා බවට පත්කිරීමත් වන අතර ඊළඟ ඉලක්කය රට තුළ ස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩනැගීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (27) රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබන අතර ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ කටයුතු කරන බව රාජපක්ෂ මහතා කියාසිටියේය.
එමෙන්ම කිසිම ආකාරයකින් දඩ බිම් ඇති නොකරන බවත් රටම වැඩබිමක් බවට පත්කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
(LNW)