පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂ නයකයා ලෙස පිළිගැනීමට සිදුවන බව කථානායක කරු ජයසූරිය මහතා ට්විටර් පණිවිඩයක් තබමින් පවසයි.
කිසිවිටෙකත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩ විය නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ අතර පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න පක්ෂය තුළම විසඳාගත යුතු බවද හෙතෙම අවධාරණය කරයි.
ඒ අනුව මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ නායකයා වන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු රනිල් සහ සජිත් පාර්ශවය යළිත් ගැටෙන ස්වභාවයක් පෙන්නුම් කළ අතර විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙස ඔහුට හිතවත් මන්ත්‍රී කණ්ඩායමක් කථානායකවරයාට ලිපියක්ද භාරදුන්නේය.
(LNW)