Monday, July 07, 2025
Follow Us
ආණ්ඩුව මාධ්‍ය මර්ධනය අරඹා ඇති බවට මංගලගෙන් චෝදනා !

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දුන් ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන "ද ලීඩර්"හි ප්‍රවෘත්ති නිවේදකයා වූ සංජය ධනුෂ්කව ඊයේ (26) දිනයේදී පැය 8ක කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමකට ලක් කර ඇති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා ප්‍රශ්න කරන්නේ ඔවුන්ගේ ඊළඟ ඉලක්කය තම මාධ්‍ය අංශයේ ප්‍රධානී රුවන් ෆර්ඩිනැන්ඩස් මහතාද යනුවෙනි.

(LNW)