Thursday, August 20, 2026
Follow Us
නීතිඥ සංගමය අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක හමු වෙයි

22 වැනි සංශෝ­ධ­නය සහ උප­රි­මා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් පත් නොකි­රීම සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කිරී­මට නීතිඥ සංග­මය අද (20) පාර්ලි­මේ­න්තු­වට පැමි­ණෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.  

ඒ පිළි­බ­ඳව ලිපි යොමු කර කථා­නා­ය­ක­ව­ර­යාව දැනු­වත් කර තිබෙන බවත් මේ වන විට යෝජනා වූ ආකා­ර­යට අද (20) දහ­වල් 12.00 සිට 1.30 දක්වා නීතිඥ සංග­මය පාර්ලි­මේ­න්තු­වට පැමිණ සාකච්ඡා කිරී­මට සූදා­නම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය. .