ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති පසුබිමක වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට දැඩි කලකිරීමකින් පසුවන බව වාර්තා වෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භාරකාර ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර 15 අතුරින් අමාත්‍ය ධූර 05ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීමට මුලින් පොරොන්දු වී ඇති බවයි වාර්තා වුණේ.
කෙසේවෙතත් පසුගිය (22) දින ආමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වූයේ අමාත්‍ය ධූර දෙකක් පමණි. නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණ, මානව හිමිකම් සහ නිති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් අතර මහින්ද අමරවිර මහතා විදුලිබල හා බල ශක්ති සහ මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය දිවුරුම් දුන්නේය.
අවම වශයෙන් ශ්‍රීලනිපයට අමාත්‍ය ධූර තුනක් හෝ ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළ යුතුව තිබූ බවට දැන් ශ්‍රීලනිපය තුළ යම් සංවාදයක් මතුව ඇති බව සඳහන්.
මේ අතර හෙට (25) දින රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාවේ උත්සව සභාව අමතමින් පැවසීය.
එහෙත් මේ වනතෙක් කිසිදු මන්ත්‍රීවරයෙකුට ඊට කැඳවීමක් නොමැති බවද වාර්තා විය.
(LNW)