හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක විශ්වාසයක් තැබිය නොහැකි බවට එක්සත් ජාතික පක්ෂය ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් සාකච්ජා කර තිබේ.
ජනාධිපතිවරණයේදී ඉතා සූක්ෂම ආකාරයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා හැසිරුණ අතර දිනන පාර්ශවයට සම්බන්ධ වීම ඔහුගේ අරමුණ වී තිබූ බවද ඔවුන් මතුකර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළේ නම් ඉතා පැහැදිලිව පසුදා සිට රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දිගින් දිගටම චෝදනා එල්ල කිරීමට පටන් ගන්නා බව ද එම ජ්‍යෙෂ්ඨයින් අදහස් දක්වා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද ඇති කර පක්ෂයද භේද භින්න කර ඇති පරිසරයක් සිරිසේන මහතා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක විශ්වාසයක් තැබිය නොහැකි බවයි ඔවුනොවුන් සාකච්ජා කර ඇත්තේ.
ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට ද නැවත මෛත්‍රීපාල සිරිසේන මහතා පත්විය. මේ අතර ඉදිරි මැතිවරණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟින් ඉදිරිපත්වීමට තීරණයක් ගෙන තිබුණි.
කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇති බහුතරයකගේ ද අකැමත්ත ඇති හෙයින් මහ මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක නොවන පාඩමක් ඉගෙන ගනු ඇති බවටද එජාප ජ්‍යෙෂ්ඨයින් පෙන්වා දී තිබේ.
(LNW)