ඉදිරි මහ මැතිවරණය සඳහා දේශපාලන සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආරාධනාවක් ලැබුනහොත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසන්නේ මහ මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය ලෙස තරග කිරීම මේ වනවිට ඇති සැළසුම බවයි. එහෙත් පොහොට්ටුවෙන් ආරාධනාවක් ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව ද ඔහු පවසනවා.
දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදීම සහ ජාතික ගැටළුව විසඳා ගැනීම තම පක්ෂයේ ප්‍රධාන අරමුණු බවත්, ඒ සම්බන්ධයෙන් එකඟ වන ඔ්නෑම දේශපාලන කණ්ඩායමක් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් සුමන්තිරන් මහතා අවධාරණය කරනවා.
(LNW)